ක්‍රිකට් කියන්නේ මගේ ජීවිතයේ කොටසක් මම මේ වෙද්දිත් ක්ලබ් දෙක සෙල්ලම් කරනවා

කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්තු ඒ වගේම පිට පිටම වසර දෙකක් ජනප්‍රියම නළුවා විදිහට සම්මානය ළඟටම ගිහින් දෙවනියට වැඩිම ප්‍රේක්ෂක මනාප හිමිකරගත් මේ සුන්දර කලාකරුවා ඔබ අප කොයි කවුරුත් ආදරේ කරන සචින් ලියනගේ. බොහෝ දෙනා කාලයක් විතර කතා කලේ ශලනිගේ පෙම්වතා ලෙසයි.

කලාවට එන්න කිසිම අරමුණක් තිබ්බෙ නැති කාල වකවානුවක් තුළ රැකියාවන් කීපයක් කරමින් ඉන්න අතරේ තමයි සචින්ට කලාවත් එක්ක සහභාගි වෙන්න අවස්ථාව ලැබුණේ.ඒ ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතය නියෝජනය කරමින්.ඉතින් ආධුනික කලාකරුවෙක් විදියට ඔහුට ලැබුණු මේ අවස්ථාව ඇත්තටම වාසනාවන්ත අවස්ථාවක් ඇල කියන්න පුළුවන්.කොහොම නමුත් කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයත් එක්ක කාලය ගත කරපු සචින් මේ අවුරුද්දේ තමන්ගේ ජීවිතය තවත් ලොකු වෙනසක් සිද්ධ කරන්න යනවා කියලා ආරංචියි. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔහු කිව්වේ මේ වගේ කතාවක්.

“මට අවුරුදු එකහමාරක් විතර ආරාධනා ලැබුණොත් කිසිම නිර්මාණයකට මං සම්බන්ධ වුණේ නැහැ.කියාදෙන්න ආදරේ තරම් නිර්මාණය එක මට ඉන්න ඕනේ උනා.මොකද මට ලැබුණු ප්‍රධාන චරිතෙට දායකත්වයක් ලබාදීම තමයි මගේ ප්‍රධානම අරමුණ.නමුත් මේ චරිතය දැන් යම් තැනක තියෙන නිසා එතනින් එළියට ගිහින් මගේ වෙනත් වැඩ ටිකක් කරගන්න හැකි වෙයි කියලා මම හිතනවා”

ඒ විදිහට අදහස් දක්වන ඔහු කියන්නේ මේ වෙද්දිත් අලුත්ම කලා කටයුතු කීපයකට ඔහු අත ගහලා ඉන්නවා කියලයි.රංගන ශිල්පියෙක් විදිහට රංගනය ඔහුගේ ප්‍රධාන වෘත්තිය විදිහට සලකද්දී තවත් ප්‍රධානම කාර්යයක් ඔහු තමන්ගේ ජීවිතයේ මූලික කරගෙන ඉන්නවා. ඒ සම්බන්ධයෙන් සචින් කිව්වේ මේ වගේ කතාවක්.

“ක්‍රිකට් කියන්න මගේ ජීවිතේ කොටසක්.රංගනයට වගේ මම ටිකට් මටත් ආදරෙයි ඉතින් මේ වෙද්දි මම cricket club දෙකක සෙල්ලම් කරනවා.ඒ දේ කවදාවත් මම නවත්තන්නෙ නැහැ මේ දෙකම සමබරව කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ”

ඉතින් ඔහුට ඒ සියලුම දේවල් සාර්ථකව කරගෙන යන්න හැකියාවක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්නෙමු.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *