මම 2019 අවුරුද්ද ඉන්දියාවට ගියා ඊට පස්සේ ලංකාවට ආවේ ආයෙමත් ඉන්දියාවට යන්න හිතාගෙන

මම 2019 අවුරුද්ද ඉන්දියාවට ගියා ඊට පස්සේ ලංකාවට ආවේ ආයෙමත් ඉන්දියාවට යන්න හිතාගෙන
සුමති සම්මාන රාත්‍රියේදී වසරේ ජනප්‍රියතම රංගන ශිල්පිනිය විදිහට සම්මානයෙන් පිදුම් ලබපු ඇය දුෂේනි මියුරංගි.දුෂේනි කියන්නේ මේ යුගයේ ආකර්ෂණීයම රංගන කුසලතාවය ක ට හිමිකම් කියන කලාකාරිනියක්.ඇය විසින් රඟපාන පාර දිගේ ටෙලිනාට්‍ය සරණි කියන චරිතයට තමයි මේ විදිහට ගොඩක් දෙනෙක් ඇයට ආදරේ කලේ.ජනතාවගෙන් ලැබුණු එයා ආදරයත් එක්ක ඇයට බරම බර සම්මානෙකුත් ලැබුණා.ඒ ගැන දුෂේනි කිව්වේ මේ වගේ දෙයක්.

“මගේ ජීවිතේ මට පළමු වතාවට තමයි සම්මානයක් ලැබෙන්නේ.පළමු සම්මානය ම ජනතාවගේ ආදරය වෙනුවෙන් ලැබුන එක ගැන සතුටුයි.පාර දිගේ සරණි ට මේ තරම් ආදරයක් මට හිතාගන්න බෑ.සම්මාය වඩා ඒ ප්‍රේක්ෂක ආදරය හරි බරයි.මම මේ මගේ ගමන පටන් ගත්තා විතරයි. ඒ වගේ තැනකදි මේ වගේ සම්මානයක් ලැබීම හරියට වටිනවා”

පාරදිගේ ටෙලි නාට්‍යය සරණි කියන්නේ ඇත්තටම ඇයගේ ජීවිතයට සමීප ම චරිත කියලයි සඳහන් කරනවා.මොකද දුශේනිත් සාමාන්‍ය ජීවිතය තුළ සද්ද බද්ද නැතුව පාඩුවේ ජීවත් වෙන කෙනෙක්. ඒ වගේම තමයි බන්ටි කියන චරිතය ඇය ටිකක් නුහුරු නුපුරුදු චරිතයක්ලු.නමුත් ඒ චරිතය තුළ ජීවත් වෙන්න හැකි සෑම අවස්ථාවකදී මේ චරිතයටත් සාධාරණයක් ඉෂ්ට කරන්න අය අමතක කළේ නැහැ.

ඒ වගේම තමයි ඇය ජීවිතය නැවත රඟපාන්නේ නැහැ කියලා හිතපු අවස්ථාවකදී ශිවගුරුනාදන් මහත්මයාගේ ආරාධනාවක් මත තමයි මේ ටෙලි නිර්මාණයට සහභාගි වුණේ.ඒ කාලේ ජීවිතේ ගොඩක් දේවල් අතහැරපු සරණි නැවත කලාවට ආපු විදිහ ගැන කිව්වේ මේ වගේ දෙයක්.

“එක කාලෙකදි මට හිතුන දැන් රඟ පෑවා ඇති කියලා.ඊට පස්සේ 2019 අවුරුද්ද සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයට පස්සෙ මම යනවා ඉන්දියාවට.මම ඉන්දියාවේ නිරූපණ කලාව පැත්තෙන් වැඩ කිහිපයක්ම කළා. නැවත මම ලංකාවට ආවේ ඉන්දියාවට යාමේ බලාපොරොත්තුවෙන්.ලංකාවට ආවට පස්සේ ආයේ රඟපාන්නේ නැහැ කියලා තමයි මම හිටියේ.නමුත් පාර දිගේ ටෙලිනාට්‍යයේ පිටපත කියෙව්වහම බන්ටි කියන චරිතය තුළ මට කරන්න දෙයක් තියෙනවා කියලා හිතුනා.”

ඔන්න ඔය විදියට තමයි අතහැරලා දාලා තිබුණු කලාවට ඇය නැවත වතාවක් ආවේ.හැබැයි ඉදිරියට කලාව අතහරින්න ඇය සූදානම් නැහැ මොකද මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් ලැබුණු ඇයට ආපහු හැරෙන්න බෑ කියලා තමයි සරණි කිව්වේ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *