මට කොහෙත්ම දිනීගෙන් ඩිපෙන්ඩ් වෙන්න ඕනි නැහැ. එයත් මගෙන් ඩිපෙන්ඩ් වෙන්නැහැ

මේ දිනවල කලා ලෝකය තුළ ප්‍රසිද්ධ ඒ වගේම ගොඩක් දෙනෙක් කතාබහ කරන ආදරණීය යුවලක් තමයි දිනිති සහ සංගීත් කියන්නේ.මේ ආදරණීය යුවලට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන්නේ ඉහළ ආදරයක් පසුගිය දවසක වැලන්ටයින් සමරන්න මේ දෙන්නා එකට විවිධ වැඩසටහන් වලට වැඩසටහන්වලට සහභාගි වෙලා තිබුණා. බොහෝ කතා නිර්මාණය වුණු ආදරණීය යුවලක් තමයි මේ.

අන්න ඒනිසා දෙන්නා ගැන හරි අපූරු ලස්සන කතාවන් සමාජ මාධ්‍ය පුරාවටම සංසරණය වුණා. ඒ වගේම තමයි දිනිති තමන්ගේ ආදරණීය ආදරවන්තයා ඒ කියන්නේ සංගීත් වෙනුවෙන් ඇය ගුවන් සේවිකාවක් විදිහට වැඩ කටයුතු කරපු රැකියාවෙන් පවා අයින්වෙලා.

ඒ හැමදේම ඇය කරන්නේ සංගීත් එකෙකුට ජීවත් වෙන්න කාලය වෙන් කරගන්න ඕනි නිසා කියලා එක්තරා අවස්ථාවකදි දිනිති සඳහන් කළා.කොහොම නමුත් ඔවුන් දෙදෙනාම මේ අවුරුද්දෙදි විවාහ වෙන්න සූදානම්.ඒ දේවල් ඒ විදියට සිද්ධ වෙද්දී පළමු විවාහයෙන් හොඳටම දුකින් දුකින් කලකිරීමෙන් හිටපු සංගීත් ඇයව ජීවිතයට හම්බුනාට පස්සෙ ජීවිතය ගොඩක් දුර යනවා. එය දේවල් ගැන සතියක පුවත්පතක් සමග එකතුවෙලා සංගීත් බොහොම ආදරෙන් කිව්වේ මේ වගේ කතාවක්.

“මට කොහොමත් දිනීගෙන් ඩිපෙන්ඩ් වෙන්න ඕනි නෑ. මාත් එහෙම ගමනක් ගිය කෙනෙක් දිනී මගේ ලයිෆ් එකට ආවට පස්සෙ අපි දෙන්නා එකතු වෙලා වගේම දිනී නිසා මගේ ජීවිතේ බොහොම සක්සස් කරගත්තා.මට එයාව හම්බ වන විටත් ඔයා හොද එයා හොඳ ස්ථාවරයක හොඳ තැනක ඉන්න කෙනෙක්.එයා මගෙන් යැපෙන කෙනෙක් නෙවෙයි.මම එයාගේ දකින ලස්සනම දේ ඒ වගේ ස්ථාවර වෙලා ස්වාධීන වූ ඇය මගේ ජීවිතේ එක්ක ඉන්න ඇත්තටම ආදරේට. “

ඉතින් ඔන්න ඔය විදියට තමයි තමන්ගෙ ආදරණීය පෙම්වතිය දිනිති වල්ගමගේ පිළිබඳව හරිම ආදරයෙන් සංගීත් අදහස් එකතු කරලා තිබුණේ. ඒ වගේම තමයි මේ ආදරේට මේ වෙද්දි දෙපැත්තෙම ආශිර්වාදයත් හම්බ වෙලා කියලා ඔවුන් සඳහන් කළා.ඒ සියලු ආශිර්වාදයන් එක්ක මේ අවුරුද්දේම දෙන්නට එකම වහළක් යටට එන්නට වාසනාව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *