ටෙලි තිරය සහ සිනමාව තුළ කැපී පෙනෙන දක්ෂ රංගන ශිල්පියෙක් තමයි පුබුදු චතුරංග කියන්නේ. ඔහු රංගනය කල චිත්‍රපට අතර එක දවසක අපි, මායා, දැවෙන විහගුන්, ප්‍රවේගය, ජංගි හොරා, දෙවැනි යුද්ධය, සුරංගනා ලොවින් ඇවිල්ලා වැනි වර්ථමානයේ ජනප්‍රියම චිත්‍රපට ගණනාවකම ඔහුට රංගන වරම් ලැබෙනවා.
ඉතින් දක්ෂ රංගන ශිල්පියෙක් වගේම පුබුදු දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් විදියටත් ප්‍රේක්ෂක හමුවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ ඔහුගේ අධ්‍යක්ෂණයෙන් යුතු නිර්මාණයක් රසිකයින් ලබා දීමටයි ඔහු සූදානමින් ඉන්නේ. ඉතින් සම්මානනීය රංගන ශිල්පියෙක් වන පුබුදු රංගනයට වගේම නිවේදනයටත් ඒ හා සමානව දක්ෂතා දක්වන කලා ශිල්පියෙක්.
කලා කටයුතු මේ විදියට කරගෙන යන පුබුදුගේ තිරයේ විවිධ පෙම්වතියන් සිටියට ඔහුගේ සැබෑ ජීවිතයේ හිමිකාරිය, ඔහුගේ ආදරණීය බිරිද තමයි මාෂි සිරිවර්ධන කියන්නේ. ඇයත් සුරූපිනියක් වගේම රංගන ශිල්පිනියක් විදියටත් කාගෙත් අවධානය දින ගන්නවා. ඉතින් මාෂිගේ සහ පුබුදුගේ සුන්දර කැදැල්ල ගැන හැමෝම විමසිල්ලෙන් බලන් ඉන්නේ කවද්ද මේ දෙන්නා තුන් දෙනා වෙන්නෙ කියලා…. ඒ ගැන පුබුදු එක්තරා මාධ්‍ය හමුවකදී අදහස් දක්වලා තිබුණා.
”අපි බැලුවෙ රට ටිකක් හොද තත්වයකට එනකම්, තුන් දෙනෙක් වෙන්න. මොකද අපි හොද රටකට තමයි අපේ අනාගත පරපුර දායාද කරන්න ඕන. නමුත් මේ යන තත්වෙත් එක්ක එහෙම රට සුභදායි වෙන්නෙ නෑ වගේ…. ඒ නිසා දැන් ඒක ගැන පොඩ්ඩක් හිතන්න කාලෙ හරි වගේ, රට හොද වෙනකම් දිගු කාලයක් ඉදලා බෑනේ….”
පසුගිය ලිපි – හැමෝටම සතුටින් පවුල් ජීවිතය ගත කරන හැටි ගැන ජනප්‍රිය නළු පුබුදු චතුරංගගෙන් උපදෙසක්
පුබුදු චතුරංග සහ මාෂි කියන්නේ මේ දවස් වල ගොඩක් දෙනා අතර කතා බහට ලක් වන යුවළක්. ඉතින් ඔවුන්ගේ විවාහ මංගල්‍යයයන් ගොඩක් දෙනාගේ කතාබහට ලක් වුණා.
ඉතින් පසුගිය දවසක පුබුදු චතුරංග පුවත්පත් සාකච්ඡාවකට සම්බන්ධ වෙනවා. එහිදී ඔහු කතාබහ කළ කරුණු කාරණා කීපයක් තමයි මේ. පසුගිය දවස්වල ඔහු විශේෂ දැවැන්ත සිනමා නිර්මාණයක් වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා තිබෙනවා කියන කරනාව සඳහන් කරනවා.
ඒ ජැක්සන් ඇන්තනී මහත්මයා විසින් නිර්මාණය කරන්නා දේවිසම්බුලා කියන චිත්‍රපටය. බොහොම දුෂ්කර පළාත් තුළට ගිහිල්ලා ලස්සන තැන් වල මෙහි රූගත කිරීම් සිදු වුණා කියලා තමයි පුබුදු චතුරංග විසින් සඳහන් කරලා තිබෙන්නේ. ඒත් එක්කම ඔහු විසින් රංගන දායකත්වය ලබා දීපු එකිනෙකට වෙනස් චිත්‍රපට අටක්ම තිරගතවෙන්නට තියෙනවා කියන කාරණාවත් ඔහු විසින් සඳහන් කරල තිබෙනවා.
පුබුදු චතුරංගගේ වෘත්තීය රංගනය වුවත් නිවස ආශ්‍රිතව ගතවෙන ජීවිතය පිළිබඳව මෙහිදී කරුණු කිහිපයක් කතා කරලා තිබුණා. ඉතින් ඔහු කියන විදිහට රංගන ජීවිතය සහ ගෙදර ජීවිතය කියලා කියන්නේ චරිත දෙකක් කියලා. ඉතින් ඔහුගේ නියම ස්වරූපය හඳුනා ගන්නට ලැබෙන්නේ ඔහුගේ බිරිඳට සහ ඔහුගේ වටේ ඉන්න සමීපතමයන්ට කියලා තමයි සඳහන් කරල තිබෙන්නේ
. ඒත් එක්කම ඔහුගේ බිරිඳ මාෂි එක්ක ඔහු බොහොම ආදරයෙන් සහ සුන්දරව ගලා යන කතාවක් තමයි ඔවුන්ට තිබෙනවා කියලා කියන්නේ. ඇය වගේ බිරිඳක් ලැබීම ඔහු ලද වාසනාවක් විදිහටත් ඔහු මෙහිදී සඳහන් කරනවා. ඒ වගේම ඔවුන්ගේ ජීවිත ඇතුලේ සරලව සතුටින් මෙන්ම ජීවිතයේ සැබෑ අවබෝධයත් එක්කම ගෙවී යන සෑම තත්පරයක්ම රස වින්දනයකින් යුතු ව ඔවුන් ගත කරනවා කියලා තමයි සඳහන් කරල තිබෙන්නේ.
ගොඩක් කලාකරුවෝ කියන කතාවක් තමයි ඔවුන්ගේ බිරිඳහෝ සැමියාගෙන් ඔවුන්ට ලැබෙන නිදහස නිසා තමයි සාර්ථකත්වය ගොඩනගා ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ කියන කාරණාව. යම් දුරකට ආත්මාර්ථකාමී දෙයක් නේද කියන ප්‍රශ්නයට පුබුදු පිළිතුරු ලබා දෙන්නේ එය එකිනෙකා මත තිබෙන දෙයක් විදිහට. මොකද බිරිඳගෙන් සැමියාට නිදහසක් ලැබෙනවා වගේම සැමියාගෙන් බිරිඳට යම් නිදහසක් ලැබිය යුතුයි කියන තැන තමයි පුබුදු චතුරංග සිටින්නේ.
ඒත් එක්කම ඔහු කියන දෙයක් තමයි විවාහ වුණාට පස්සේ කාන්තාවක් සැමියා විසින් හදන්නට බැහැ. විවාහයට පෙර ඒ තැනැත්තිය ගෙදරින්ම හැදිලා එන්න ඕනේ කෙනෙක් විය යුතු බව තමයි ඔහු සඳහන් කරන්නේ. ඉතින් ඔහු කියන්නේ සියයට සීයක්ම නිදහසක් ලබා දෙන්න කාන්තාවකට හෝ පුරුෂයකුට බැහැයි කියන කාරණාව. එහෙම වෙන්න නම් පවුල් ජීවිතයක් ඇතුළෙ ඉන්නෙ නැතුව ගිහිගේ අතෑරලා යන්න ඕන කියලා තමයි ඔහු සදහන් කරලා තියෙන්නේ
නිහඬ සෙවනැලි කියන චිත්‍රපටයේ පුබුදු චතුරංග ඔහුගේ බිරිඳ මාශි යන දෙදෙනා ම රංගනයෙන් දායක වෙනවා. නමුත් ඔවුන් දෙදෙනා එකට රංගනයෙන් දායක වන පළමු අවස්ථාව මෙය නෙවෙයි. මීට කලින් පුබුදු ඇයටම කියලා චිත්‍රපටයක් ලියලා තිබෙනවා. ඒකේ රූගත කිරීම පවා මේ වන විට බොහෝ දුරට අවසන් කරලා තමයි තිබෙන්නේ.
නමුත් කොරෝනා ප්‍රශ්නය නිසා සම්පූර්ණ වැඩ අවසන් කිරීමට නොහැකි වුනා කියලා තමයි සදහන් වෙන්නේ. එහි නම තමයි ආදර හීනය. මාෂි තනියම රඟපාපු චිත්‍රපටය තමයි newspaper කියන්නේ. පුබුදු චතුරංග සහ මාෂි කියන්නේ කවුද කියන ප්‍රශ්නයට පුබුදු පිළිතුරක් ලෙස දෙන්නේ මෙවැනි කාරණාවක්.
මට මා සොයාගත හැකි වූ දිනක ඔබට මා හමු නොවනු ඇත ලෙසයි. ඔහු කියන කාරණාව තමයි පුබුදු කියන කෙනාව ජීවිත කාලය පුරාවටම ඔහු හොයනවා කියන දේ. මාශි ගැන ඔහු සඳහන් කරන්නේ. ඇය මගේ ජීවිතයට ලැබුණු මා සමඟ සොයා යා හැකි, මා සමඟ අතින් අල්ලාගෙන ජීවිතය නැමති ගවේෂණයෙහි යෙදෙන තවත් එක් ගවේශිකාවක කිව්වොත් හරි කියලා තමයි ඔහු එහිදී සඳහන් කෙරේ
ඉතින් විවාහක යුවළක් විදහට පවුල සතුටින් තියාගන්නට අනුගමනය කරන්න ඕනෙ මැජික් එක විදියට ඔහු සඳහන් කරන දේ තමයි බුදු දහමේ විශාකාවට දුන් උපදෙස් ටික පිළිපදින්න ඕන කියන කාරණාව. ප්‍රධානම දේ ඇතුල ගිනි පිටතට නොදෙන්න පිටත ගිනි ඇතුලට නොගන්නේ කියන කාරණාව. එය තමයි ඔහු දෙන උපදේශය. ඔවුන් දෙපළ ම රංගනයෙන් දායක වෙන අඳුරු සෙවණැලි ඉදිරියට දැකබලා ගන්නට හැකියාවක් ලැබේවි
පුබුදු හා මාශි කියලා කියන්නේ බොහොම ආදරණීය යුවලක් වගේම බොහොම දක්ෂ රංගන ශිල්පීන් දෙදෙනෙක් කියන්න පුළුවන්. ඉතින් ඔවුන්ගේ යුග දිවිය වෙනුවෙන් ආදරෙන් සුබ ප්‍රාර්ථනා කරන අතර බොහොම ලස්සන නිර්මාණවලින් හමුවෙන්නත් බලාපොරොත්තු වෙනවා.
පලමු විවාහයෙන් වෙන් වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන සුරූපී යුවතියක් සමගින් නැවතත් යුගදිවියට නත්තල් සීයට බය වුනු චතුරිකා පීරිස්ගෙයි, ගයාන් වික්‍රමතිලකගෙයි පුංචි ආරාධනා දෝණි රට අතහැර පැරිස් යන්න හීන දකින නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ගීතිකා කියන කතාව ප්‍රවීණ නිළි සේමිනී ඉද්දමල්ගොඩ ආදරණීය සැමියා සමඟින් 27වෙනි විවාහ සංවත්සරය ජයටම සැමරපු හැටි බෙහෙත් වලටවත් බැරි වුණා අභී තාම කිරි නතර කරන්න-අභිෂේකාගේ ඡායාරූපට ලැබුණු සංවේදී ප්‍රතිචාර