සදාකල් දිනේවා මගේ සුද්දි.මාධවීගේ ප්‍රසිද්ධ පෙම්වතා ඇයට එක්කළ ආදරණීය සුභ පැතුම

මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා බහ කරන ආදරණීය කපල් එකක් තමයි මාධවී සහ කසුන් කියන්නේ.මේ දෙන්නම දැන් පුංචි තිරයේ ගොඩක් ප්‍රසිද්ධ චරිත දෙකක් බවට පත්වෙලා අවසන්. මාධවී කියන්නෙත් ක්ෂේත්‍රයේ අති දක්ෂ කලාකරුවෙක් වන ජැක්සන් ඇන්තනී ගේ ආදරණීය දියණිය.

ඒ වගේම තමයි ඇයගේ අලුත් පෙම්වතා තමයි නව පරපුරේ දක්ෂ ගී පද රචකයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගලයි.ඔහුත් කලාවත් එක්ක සම්බන්ධ පුද්ගලයෙක් නිසා මේ දෙදෙනාගේ සමීප සම්බන්ධතාවයක් මුලින්ම ආරම්භ වෙන්නේ යාලුවෝ විදිහට.

ඊට පස්සේ මාධවීගේ දෙවැනි විවාහ ජීවිතය තුළත් නොගැලපෙන සිදුවීම් රැසකට ඇයට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච නිසා ඇය ඒ විවාහයටත් සමු දුන්නා කියලා පසුගිය දවසක අපි දැනගත්තා.ඊට පස්සේ ඇයගේ ජීවිතය වටිනාකම අඳුනගත්ත ආදරණීය චරිතයක් විදිහට කසුන්ව ඇය ජීවිතයට ළං කර ගත්තා කියලත් සඳහන් කරා.

ඒ වගේම තමයි කසුන් මාධවීට වඩා වසර ගණනාවකින් ලාබාල පුද්ගලයෙක්.නමුත් ආදරේට එ කිසිම දෙයක් බාධාවක් නෙවෙයි කියන දේ කොයි කවුරුත් දන්නවා.ඒ නිසා අම්මා ලෝකයා මොනවා කිව්වත් නිදහසේ ආදරේ විදින්න මේ දෙන්නා තමන්ගේ ආදරණිය සම්බන්ධතාවය පිළිබඳව ලෝකෙටම කිව්වා.

ඒ වගේම මාදවීගේ ඕනෑම සුභ කටයුත්තකදී ඔහු ඉන්නවා.අන්න ඒ නිසාම මාධවිගේ උපාධි උත්සවයක් අවස්ථාවකදී මේ ආදරණීය පෙම්වතා ඇය වෙනුවෙන් හරි ආදරණීය සුබ පැතුමක් එකතු කරන්නත් අමතක කළේ නැහැ.ඔහූ ඒ ආකාරයෙන් මුහුණු පොතට එක් කළ සටහන පහතින් දක්වා ඇත.

“ඔයා පියවරෙන් පියවර ජීවිතේ හයිය කරගන්නකොට , ස්ථිරසාර කරගන්නකොට , අර්ථවත් කරගන්නකොට , අරමුණු ඉටු කරගන්නකොට ඒ ජීවනමඟේ ඔය දෑතින් තදින් අල්ලගෙන ඉන්නෙක ම මට මහාමෙරක් ! සුප්‍රහර්ෂයක් !

සදාකල් දිනේවා මගේ සුද්දී

ආදරේ විතරමයි !”

ඉතින් අපිත් ඇයට හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *