2016 වසරේ පටන් වසර හතක් එක දිගට ම ජනප්‍රිය ගායිකාව විදයට සම්මාන ලබපු ඇය හරිම නිහතමානී කලා තරුවක්.කාලෙන් කාලෙට විවිධ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන්ට අලුත් ජීවයක් ලබාදෙන මේ සුන්දර ගායිකාවන් ශශිකා නිසංසලා.ඇය ගැන වැඩි වශයෙන් මේ දවස් වල කතා කරන්නේ 2020 වර්ෂයේ සුමති සම්මාන උළෙලේදී වසරේ හොඳම ගායනයට හිමි සම්මානය දිනා ගන්න ඇය වාසනාවන්ත වුණ නිසයි. ඒ වගේම තමයි ඇය මේ සම්මාන ලබපු පළමු අවස්ථාව නෙවෙයි ඇය පිට පිටම ක්ෂේත්‍රයට ආ දවසේ පටන් සම්මාන ලබපු කෙනෙක්.
“2016 වසරේ පටන් වසර හතක් එක දිගට ජනප්‍රිය ගායිකාවට හිමි සම්මානය මට ලැබුණා.ගිය වසරේ තාරුණ්‍ය ජනප්‍රියම ගායිකාවට හිමි සම්මානයත් මට ලැබෙනවා.මේ වන විට මට සම්මාන විසිතුනක් ලැබිලා තියෙනවා මේ සම්මාන පිටිපස්සේ ඉන්න මට සවියක් ඕන හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම සියලු මාධ්‍ය ආයතන වලටත් ඒ ස්තූතිය හිමිවෙන්න ඕනෙ.මගේ රසිකයන් මගේ ගීතවලට මගේ හැසිරීමට වගේම මං අදින පළඳින විදිහට පවා ආදරේ කරනවා.අන්න ඒ නිසා තමයි හැමදාම ජනප්‍රිය ගායිකාව උනේ”
ඇත්තටම ඒක ඇත්ත කතාවක් මොකද ශශිකා කියන්නේ හරිම නිහතමානී ඒ වගේම මහලොකුවට විලාසිතා කරන් නැති චාම්ව අඳින පළඳින ඇඳුම පවා අඳින කාන්තාවක්. ඒ නිසාම තමයි ප්‍රේක්ෂකයන් අයට මේ තරම් ආදරය කරන්නේ පිස්සුවෙන් වගේ.
ඒවගේම තමයි ඇය දැන් විනිසුරුවරියක් විදියටත් කටයුතු කරනවා ඒ ජාත්‍යන්තර රියලිටි වේදිකාවක් වන sirasa voice වැඩසටහන හරහා.ඒක ඇයගේ ඇයගේ ජීවිතයට අලුත් අත්දැකීමක් ඉතින් ඒ සම්බන්ධයෙන් ඇය කිව්වෙත් මේ වගේ කතාවක්.
“රියලිටි තරගාවලි කීපයකම විනිශ්ච මණ්ඩලය සාමාජිකාවක් විදිහට මම කටයුතු කළා.නමුත් ද වොයිස් sri lanka කියන්නේ ඊට වඩා වෙනස් තරගයක් මේක ජාත්‍යන්තර තරගයක්. මෙම තරගාවලිය වෙනතුරු මඩුල්ල තෝරා ගැනීමේදී බොහෝ දේවල් සලකා බලනවා. මාව coach කෙනෙක් විදිහට තේරී පත් වීමත් මගේ ජීවිතේ එක් සන්ධිස්ථානයක්.මම ගායිකාවක් විදියට වසර විසිතුනක් සූත්‍රය 23 ක්ෂේත්‍රය ක්‍රියාකාරීව වැඩ කරනවා”
ඇයගේ ඒ දක්ෂතාවයන් හැකියාවන් නිසාම තමයි අද වන විට දක්ෂ විනිසුරුවරියක් සහ දක්ෂ ගායිකාවක් කියන්නා වූ මේ සියලුම දේවල් ඇයට සාර්ථකව ඉටුකර ගන්නට හැකියාව ලැබිලා තියෙන්නෙ.