මුලදිනම් මම ගොඩක් වැටුණා මම තනියෙන් හැඬුවා ඇයි මිනිස්සු මට මෙහෙම කරන්නේ ඇයි මෙහෙම කතා හදන්නේ

හර්ෂි රසංගා කියන්නේ හොඳම නැගී එන නිළිය විදිහට එදා සුමති සම්මාන රාත්‍රියේ දී සම්මාන ලබා ගන්නට වරම් ලබපු දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය මේ දිනවල පුංචි තිරයේ විකාශය වන ටෙලි නිර්මාණයන් කිහිපයක් හරහා මගට දැකබලාගන්න අවස්ථාව උදාවෙලා තියෙනවා. ඒ වගේම තමයි කලාවට ඇවිල්ල වසර දහයක් උනත් හා හා පුරා කියලා ඇයට මේ ලැබුණු සම්මානය පිළිබඳව හර්ෂි කිව්වේ මේ වගේ කතාවක්.

“මට සුමති සම්මානය ලැබුණේ තාදී ටෙලි නාට්‍ය වෙනුවෙන්.චරිත් අබයසිංහ අයියට විශේෂ ස්තුතියක් කරන්න වෙනවා ඔහු තමයි මාව විස්වාස කරල මට ඒ චරිතය කරන්න පුළුවන් කියලා චරිතය බාර දුන්නේ.අද වන තුරු මට වචනයකින් හෝ සහයෝගය ලබාදුන් හැම කෙනෙක්ටම මේ වෙලාවේ ස්තුතියි”

ඒ වගේම තමයි පසුගිය දවසක හර්ෂි තමන්ගේ ආදරණීය පෙම්වතා සමඟ යුග ජීවිතයට පා තැබුවා ඉතින් ඇයට ඔහුව හම්බවෙන්න සමාජ මාධ්‍ය හරහා ඒ වගේම තමයි යුග ජීවිතයට පා තැබීමත් සමග ම ප්‍රේමය ගැන දැනෙන්නේ කොහොමද කියලා අහපුවාම ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“ප්‍රේමය සුන්දරයි ආදරේ කියන දේ අපිට අපට විවිධාකාර විදිහට ලැබෙනවා.මට මෙතෙක් කල් ලැබුණේ පවුලේ අයගේ ආදරය සහ ප්‍රේක්ෂකයන්ගේ ආදරය.එයා ආදරයත් එක්කම දැම්මට සැමියෙකුගේ ආදරය ලැබෙනවා ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි”

ඒ වගේම තමයි හැමෝටම දුක හිතෙන කතාව ඇය රංගනයෙන් නැගී එන ම කාලය තුළදී රංගනයට සමු දෙන්න තීරණය කිරීම.ඒකට හේතුව ඇය උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදෙස්ගත වෙන්න තීරණය කරපු නිසයි.ඒ වගේම තමයි කලාව තුළ නොයෙකුත් අපහාස වලට හිත් රිදීම් වලට ඕනෑ තරම් මුහුණ දීපු කෙනෙක් තමයි හර්ෂි.ඇය ඒ ගැනත් කිව මේ වගේ කතාවක්.

“මුලදි නම් ගොඩක් වැටුනා මම තනියම ගොඩක් ඇඬුවා.ඇයි මිනිස්සු මට මෙහෙම කරන්නේ ඇයි මෙහෙම කතා හදන්නේ මම එයාලට වරදක් කරල නැහැ නේ කියලා මට හිතුනා.ඒ වෙලාවෙදි මගේ අම්මා කියපු දෙයක් තමයි තමන් දන්නවා නම් තමන් හරි කියන එක අනිත් අය මොනවා කිව්වත් ඒක ඇඟේ වදින් නෑ කියන එක.අපි ඒවා ගණන් ගත්තොත් තමයි අපේ ගමනට ඒක බාධාවක් වෙන්නේ.මනින මිනිස්සුන්ට ඕනෑතරම් බනින්න දීලා ආදරේ කරන මිනිස්සුන්ට ආදරය කරන ගමන් ගමන යන එක තමයි මගේ විදිහ”

ඇයගේ විදිහට ඒ ගමන සාර්ථකව යන්නට ඇයට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *