උපේක්ෂා ස්වර්ණමාලි කිවුවහම ඇත්තටම මේ දක්ෂ රංගන ශිල්පිනිය පිළිබඳව ඕනෙම කෙනෙක් දන්නවා.ඒ වගේම තමයි ඇය රංගන ශිල්පිනියක් විදිහට පබා ටෙලිනාට්‍ය හරහා තමයි ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනා ගත්තේ. ඒ විදිහට ප්‍රසිද්ධ වෙච්ච උපේක්ෂා පසුගිය කාලයේ දේශපාලන වේදිකාවටත් පා තැබුවා. බොහෝ කාරණා නිසා ඇයගේ රංගන ජීවිතයට බොහෝ හානි සිදු වුණා. නම් මේ දේශපාලයට සමුදීමෙන් පසුව ඇයට නැවතත් රසික ආදරය හිමි වූ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොමැත.
හැබැයි දේශපාලන වේදිකාව තුළින් නම් ඇයට සාර්ථක වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ.ඒ කාලසීමාව තුළදී ඇයගේ පෞද්ගලික ජීවිතයේ එහෙමත් නැත්නම් විවාහ ජීවිතයේ හැලහැප්පීම් සිදුවුණා. ඒ නිසාම උපේක්ෂා විවාහ ජීවිතයට සමුදීලා ආදරණීය දියණියත් එක්ක තනි උනා.
ඇය නොසිතූ වෙලාවක තමයි ඇයගේ ජීවිතයට දියණිය එන්නේ ඒක අහම්බයක් කියලා ඇය ප්‍රසිද්ධියේ කියලා තිබුණා. නමුත් ඒ දේ ඒ විදිහට සිද්ධ වුණත් ඇය පණ වගේ තමන්ගේ දුව ආරක්ෂා කරගන්න අමතක කරන්නේ නැහැ.හැබැයි ඇයට ඒ සඳහා දියණියගේ තාත්තත් උදව් කරනවා කියලා සඳහන් කළා.
ඒ වගේම තමයි උපේක්ෂා අද තනි මවක් විදිහට දියණියත් එක්ක තනි වෙද්දී ඇයගේ මවත් මීට බොහෝ කාලයකට කලින් තනි මවක් විදිහට ඇයව හදාගෙන තියෙනවා.එක්තරා අවස්ථාවකදි උපේක්ෂ ම සඳහන් කරා මේ විදිහට තනිවෙන එක පවුලෙන් ආපු සාපයක් වගේ දෙයක් කියලා.ඉතින් ඒ අතීතය පිළිබඳව ඇය කිව්වේ මේ වගේ කතාවක්.
“දරුවෙක් හදන්න නම් දෙන්නම ඉන්න ඕනේ.single මම් කියන එකට මම අනුබල දෙන්නේ නැහැ.අද ගොඩක් පවුල් බිඳිලා ඒක නුත් සීයට හැත්ත ගාණක්ම යුතුකම් ඉටු කරන්නේ අම්මලා.මගේ අම්මාත් ඒවගේ් අසරණ වුණු තැන් වැඩි.අම්මා හරිම පව් එයා හරි හොඳයි.මගේ තාත්තා අවුරුදු 4 දී අපිව දාලා ගියාට පස්සේ නෑදෑයො ලඟ ලඟ හොස්ටල් වල මම හැදුනේ.අම්මට full-time නිදහස හදාගන්න එහෙම කරන්න ඇති කියලා කියලා මම හිතනවා.”
ඉතින් උපේක්ෂා ඔන්න ඔය විදිහට තමයි තමන්ගේ කටු කටයුතු පිළිබඳව එක් අවස්ථාවකදි අදහස් ඉදිරිපත් කරලා තිබුණේ.